කාන්තාවන් වඳ කළා කී දොස්තර ෂාෆිට ගෙවිය යුතු සියලු වැටුප්-දීමනා-අතුරු දීමනා-ජීවන වියදම් දීමනා ඔක්කොම ජුලි 10ට කලින් ගෙවන්න උසාවියේදිම පොරොන්දු වෙලා! කෝ මේ රතන හාමුදුරුවො? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 7, 2022

කාන්තාවන් වඳ කළා කී දොස්තර ෂාෆිට ගෙවිය යුතු සියලු වැටුප්-දීමනා-අතුරු දීමනා-ජීවන වියදම් දීමනා ඔක්කොම ජුලි 10ට කලින් ගෙවන්න උසාවියේදිම පොරොන්දු වෙලා! කෝ මේ රතන හාමුදුරුවො?

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවිය යුතු වැටුප් සහ දීමනා මේ වසරේ ජූලි 10 වැනිදාට පෙර ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ කාන්තාවන් වඳ භාවයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කළ රීට් පෙත්සමකට අනුවය.

මූලික වැටුප, අතුරු දීමනාව, ජීවන වියදම සහ විශ්‍රාම වැටුප වෙනුවට දීමනාව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අනිවාර්ය නිවාඩු කාලය සඳහා ගෙවිය හැකි බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad