ඉක්මනින් ලංකාවට පැමිණ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කරන්න… අගමැති IMF එකෙන් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 7, 2022

ඉක්මනින් ලංකාවට පැමිණ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කරන්න… අගමැති IMF එකෙන් ඉල්ලයි!

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා   සමඟ ඊයේ සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියයි.

IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව  අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

මෙම දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad