‘මේ දැන්ම අගමැතිකම බාර ගන්න’ ජනාධිපති ෆොන්සේකාට කියලා - වෙච්ච වැඩේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 7, 2022

‘මේ දැන්ම අගමැතිකම බාර ගන්න’ ජනාධිපති ෆොන්සේකාට කියලා - වෙච්ච වැඩේ මෙන්න

‘මේ දැන්ම අගමැතිකම  බාර ගන්න’ 
ජනාධිපති ෆොන්සේකාට කියලා 
වෙච්ච වැඩේ මෙන්න

තමන් අගමැතිධුරය ප්‍රතික්ෂේප කළ නිසා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“අගමැතිතුමා මට කිණ්ඩියකුත් දාලා කිව්වා මාව පාර්ලිමේන්තුවට ගත්තේ එතුමා කියලා. ඔව් එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්තා. හැබැයි 2010දී අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්න කොට යුද්ධයට විරුද්ධව ලෝකෙ වටේ රට වටේ ගිහිල්ලා රටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධය දිනපු අයට තිබුණ ජයග්‍රහණය දැක්කාම මම ඇවිත් බෙල්ල තියපු හින්දා එතුමා මට කෙලෙහි ගුණ දැක්කුවා කියලයි හිතන්නේ.
ඒ නිසා එතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා. මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා.

ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන”

No comments:

Post a Comment

Post Bottom Ad