*අයි.එම්.එෆ් එක ලඟ දනින් වැටී ඉල්ලන්නෙ ඩොලර් බිලියන 4යි… එනම් ඩොලර් මිලියන 4000යි…
*බංගලියො ලඟ ආත්මය විකිණුවෙ ඩොලර් මිලියන 500කට…
*රටට ගෑස් නැවක් ගේන්න බැරි ඩොලර් මිලියන 11ක් නැති නිසා… මාසයකටම ගෑස් ආනයනය සඳහා වැය වෙන්නෙ ඩොලර් මිලියන 110 යි…
*පෙට්‍රල් මෙට්‍රක් ටොන් 41,000ක නැවක් ගෙන්වන්න බැරි වුනේ රටට ඩොලර් මිලියන 42.6ක් නැති නිසා….
*එහෙව් රටේ සෑම අවුරුද්දකම කොල්ල කන දේශීය ආදායම ඩොලර් බිලියන 04ක්… එනම් ඩොලර් මිලියන 4000ක්… හොරකම නවත්වා රට ගොඩ ගත හැකි ආකාරය ගැන කියන කතාව අහන්න….
ආනයන සහ අපනයන කටයුතු වල නිරත ශ්‍රී ලංකීය ව්‍යාපාර ගතවූ වසර නවයක කාලයේදී දැනුවත්ව ව්‍යාජ ලෙස සකස් කළ ඉන්වොයිස් මගින් සහ විදේශ විනිමය ඉපැයිම් අක්වෙරළ සමාගම්වල තැන්පත් කිරීමෙන් කොල්ල කෑ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.833ක් බවත් එම මුදල ජාතික ආර්ථිකයට අහිමි වී ඇති බවත් නවතම වර්තාවකින් අනාවරණය වේ.
ඒ අනුව වාර්ෂිකව මෙම වංචනික ඉන්වොයිස් හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 4.093ක් අහිමි වන අතර එය මෙරට වාර්ෂිකව ආනයනය කරනු ලබන ඉන්ධන වලට ගෙවන මුදලට සමාන බවද ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි පිහිටි ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි පෙන්වා දෙයි.
මෙහිදී වාර්ෂිකව ව්‍යාජ ඉන්වොයිස් මගින් මෙරටට අහිමි වූ මුදල ක්‍රමානකූලව ඉහළගොස් ඇත. ඒ අනුව 2009 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.650ක් මෙරටට අහිමි වී ඇති අතර එය බිලියන 5.026ක් දක්වා 2017 වර්ෂයේදී ඉහළ ගොස් ඇත.
මේ අතර ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටර්ග්‍රිටි පෙන්වා දෙන ආකාරයට ව්‍යාජ ඉන්වොයිස් යොදා ගැනීම මගින් මුදල් විශුද්ධිණයේ යෙදී ඇත. එහිදි නීති විරෝධීව උපයාගත් මුදල් වලට නිතිමය පසුබිමක් ලබාදීමට මෙම කටයුතු යොදාගෙන ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
අදාල ව්‍යාජ ඉන්වොස් යොදා ගැනීම ඉතා සූක්ෂමව සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවන බවද ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි පෙන්වා දෙන අතර ඊට දේශපාලඥයින්ගේ සහයද ලැබිය හැකි බවට සැක පළකරයි.
කෙසේවෙතත් මෙම වංචනික ක්‍රියාවන් වැලැක්වීමට නිසි නීති හදුන්වා දිය යුතු බවත් එමගින් ව්‍යාජ ඉන්වොයිස් යොද ගැනීම පාලනය කිරීමට හැකියාව නිර්මාණය වනු ඇති බවද ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටරග්‍රිටි විශ්වාස කරයි.
- lankasara

No comments:
Post a Comment