ලංකාවට එන චීන යුධ නැව නිසා ඉන්දියන් සාගරයේ නාවික අධිකාරිය නොසන්සුන්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 30, 2022

ලංකාවට එන චීන යුධ නැව නිසා ඉන්දියන් සාගරයේ නාවික අධිකාරිය නොසන්සුන්?

චීන නාවික හමුදා අධීක්ෂණ (maritime surveillance) නෞකාවක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මෙම පුවත සමඟ ඉන්දියන් සාගරයේ නාවික අධිකාරිය තුළ නොසන්සුන්තාවයක් මතුව ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදය සහ පවතින රජයට එරෙහි ජන අරගලයක් බිහිව ඇති මොහොතක මෙම නොසන්සුන්තාව ඇතිවීම ද විශේෂත්වයකි.

මීට එරෙහිව ඉන්දියාව සිය විරෝධය ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් චෝදනා කරන්නේ භෞමික මුහුදේ ගමන් අවශ්‍යතා උල්ලංඝනය කිරීමට චීනය කටයුතු කර ඇති බවයි.

මීට ප්‍රතිචාර වශයෙන් චීනය පවසා සිටියේ “අදාළ පාර්ශ්වයන්” තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

උක්ත නොසන්සුන්තාව ඇතිකිරීමට හේතුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන යුවන් වැන්ග් 05 (Yuan Wang 5) නැමති චීන පර්යේෂණ නැවයි. එය එළඹෙන අගෝස්තු 11 වන දින හම්බන්තොට වරායට පැමිණීමට නියමිත අතර, ඉන්දියානු සාගර කලාපය තුළ පර්යේෂණ දියත් කිරීම සහ එම කලාපයට අදාළ චන්ද්‍රිකා පාලනය කිරීම මෙම නාවික යුධ පර්යේෂණ නැවේ අරමුණ බව වාර්තා වේ.  

බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් ශ්‍රී ලංකා හි (BRISL) අධ්‍යක්ෂ වයි. රනරාජා ට අනුව, මෙම යුධ නෞකාව ඉන්දියානු සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ ලුහුබැඳීම් සිදුකරනු ඇත.
-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad