සෝදා වේලා විකිණිමට ගිය මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හසුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 11, 2020

සෝදා වේලා විකිණිමට ගිය මුඛ ආවරණ තොගයක් පිටකොටුවෙන් හසුවෙයි



මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින් නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ.


ඊයේ දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.


කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර පවසා සිටියේ පිටකොටුව පරිසර පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් වේලීමට තබා තිබු බවයි.


පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හිමිකරුවන් විසින් වැස්සට තෙමී ගොස් ඇති බැවින් මෙලෙස වේලා ගන්නා බව සඳහන් කර ඇතැයි ද පැවසු ඔහු ඒ පිළිබඳ ඇති වු සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කළ බව ද සඳහන් කළේ.


ඒ අනුව, පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.


මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර පැවසුවා.


No comments:

Post a Comment

Post Bottom Ad