පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි - හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි - හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්

2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් ගැන කතෝලික පල්ලිය ද දැනුවත්ව තිබීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර අද ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පාස්කු දිනයේ ප‍්‍රධාන දේවමෙහෙය සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අගරදගුරු තුමන් විසින් පැවැත්වීම පුවත් අප්‍රේල් 21 වෙනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් නොපැවැත් වූ බවත්ය.

කෙසේ නමුත් තමන්ට දැනගන්නට ලැබුණ ආකාරයට ‍ප‍්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් මස 20 වන දින කොළඹ අගරදගුරු තුමන් විසින් එම පාස්කු දේව මෙහෙය පැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා තවදුරටත් කොමිසමෙව් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ සඳහා ප්‍රධාන පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad