හිටපු සී.අයි.ඩී ලොක්කෙක් උණ්ඩියල් ගණුදෙනුවක – අධිකරණයට කැඳවන්නැයි නියෝගයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 5, 2022

හිටපු සී.අයි.ඩී ලොක්කෙක් උණ්ඩියල් ගණුදෙනුවක – අධිකරණයට කැඳවන්නැයි නියෝගයක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න යන අය අධිකරණය හමුවේ විභාග වූ නඩුවක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75ක මුදලක් වංචනික ලෙස මුදා හැරීමට කටයුතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස තුන්වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා ඊයේ (05) අල්ලස් කොමිසම වෙත නොතිසි නිකුත් කළා. 
අධිකරණය හමුවේ විභාග වුණු උණ්ඩියල් ක්‍රමයට මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වූ වෙනත් නඩුවක රුපියල් ලක්ෂ 75ක මුදලක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් සැකකරුවන් වෙත වංචනික ලෙස මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න යන අය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කර සිටියා.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් මහතා විසින් තම ඒකකය වෙත කරනු ලැබූ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

වංචනික ලෙස රුපියල් ලක්ෂ 75ක මුදල් ප්‍රමාණයක් මුදාහැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හරහා එම විමර්ශනය සිදු කිරීමට අවශ්‍ය වන බැවින් අල්ලස් කොමිසමට ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතිසි නිකුත් කළා.

- asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad