ජනාධිපති හා පොහොට්ටු මන්ත‍්‍රීන් සිත් බිදගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 6, 2022

ජනාධිපති හා පොහොට්ටු මන්ත‍්‍රීන් සිත් බිදගනී!

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර මේ වන විට හිත බිඳීමක් ඇති කරගෙන ඇති බව වාර්තාවෙයි.

ඒ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි පොහොට්ටු මන්ත්‍රීවරුන්ට රාජ්‍ය අමාත්‍යධුර ලබා දීමට මේ දක්වා පියවර නොගැනීම හේතුවෙනි.

මෙම තත්වය පිළිබඳ අදාළ මන්ත්‍රීවරුන් විසින් සෘජුවම ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා ඇති අතර පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ ප්‍රසන්න රණතුංග ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකචඡා කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර තොරතුරු ඔස්සේ දැනගන්නට ඇත.

ෙකසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා විසින් එළඹෙන 09 වෙනිදා අදාළ අමාත්‍යධුර ලබාදීම සඳහා එකඟතාවය පල කර ඇති බවද පැවසෙයි.




No comments:

Post a Comment

Post Bottom Ad