ජනපති උපදේශක සුරේන්ට කැබිලිත්තේ ඉඩම් කොල්ලයක් ගැන චෝදනා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 6, 2022

ජනපති උපදේශක සුරේන්ට කැබිලිත්තේ ඉඩම් කොල්ලයක් ගැන චෝදනා!

ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු විසින් යාල ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා තිබෙන කැබිලිත්ත රක්ෂිතයේ තවත් ඉඩම් කොටසක් වගාව සඳහා නිදහස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පරිසර හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි. 
මේ සම්බන්ධ එම එකමුතුව විසින් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය, සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුළු පරිසර හා බහුජන සංවිධාන රැසක් එකතුව මෙම ලිපිය යොමුකර ඇත.

මෙම රක්ෂිත කලාපයේ අක්කර 300 ක් පමණ විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන තිබෙන බවත්, ඔවුන් පාරම්පරික ගොවීන් නොවන බවත්, මෙම පිරිස වන සංරක්ෂණ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලටද බාධා කර ඇතැයි අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට අයත් කැබිලිත්ත රක්ෂිතය තුළ පසුගිය කාලයේදී බඩඉරිඟු වගා කිරීම ඉහළ ගොස් තිබෙන බවත්, වනාන්තර ඉඩම් එළි පෙහෙළි කිරීමෙන් රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කළ නොහැකි බවද අදාළ ලිපියේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී මෙසේ චෝදනා එල්ලවී ඇත්තේ ජනාධිපති උපදේශකයකු වන ආචාර්ය සුරේන් බටගොඩ මහතාට බව හෙළිවිය.
බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන, ආචාර්ය සුරේන් බටගොඩ මහතා පසුගිය කාලයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පත්කෙරෙනු ඇති බවට ද ආරංචි පැතිර තිබිණි.

සුරේන් බටගොඩ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වශයෙන් ද කටයුතු කර ඇති අතර ඒ මහතා නීතීඥයකු ද වේ.

එසේම ඒ මහතා ඇමරිකාවේ සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

- srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad