ජනාධිපති රනිල් පොහොට්ටුවේ හිරකාරයෙක් වෙලා... ඔහු පොහොට්ටුව නොසලකා තීන්දු ගත යුතුයි – සුමන්දිරන් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 5, 2022

ජනාධිපති රනිල් පොහොට්ටුවේ හිරකාරයෙක් වෙලා... ඔහු පොහොට්ටුව නොසලකා තීන්දු ගත යුතුයි – සුමන්දිරන් (VIDEO)

වර්තමාන අර්බුදය හමුවේ රටට නායකත්වය ලබා දීමට සුදුසුකම් ඇති වැඩි ම පළපුරුද්ද ඇති පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනඟන්නේ නම් රනිල් වික්‍රමසිංහට මුදල් අමාත්‍යංශය ලබා දිය යුතු බව තමා පෙර සිට ම යෝජනා කළ බවයි.

කෙසේ වුව ද ජනාධිපතිවරයා මේ වන විට රඳා පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද මත බවත් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා ජනතාව බලාපොරොත්තු වූ වෙනස මේ නිසා සිදු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

එවැනි වෙනසක් සිදුවන්නට නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතර බලය නොසලකා තීන්දු තීරණ ගතයුතු බවත් තමන් එවැනි වෙනසක් මෙතෙක් නොදකින බවත් සුමන්දිරන් ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad