ද්විත්ව පුරවැසි ඩයනාට පාස්පෝට් 02ක්… ඩයනා ලඟ නීතිය නැමූ සී.අයි.ඩී ලොක්කාට නොතීසි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 28, 2022

ද්විත්ව පුරවැසි ඩයනාට පාස්පෝට් 02ක්… ඩයනා ලඟ නීතිය නැමූ සී.අයි.ඩී ලොක්කාට නොතීසි!

රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය ‍ පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) නොතීසි නිකුත් කළේය.

මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය.

මෙම පැමිණිල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සඳහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නිතීඥ ගුණරත්න වන්නිනායක   ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නිතීඥවරු  අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45(1) (අ) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ඡාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ  මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.

නිමන්ති රණසිංහ
lankasara


No comments:

Post a Comment

Post Bottom Ad