ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

ගෝටාභයට ප‍්‍රභූ ආරක්‍ෂකයන් 226ක්! අමතරව හමුදාව හා STF!

ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් 226 හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇතැයි යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි. 
මෙරට සිදුවූ බොහෝ දේ වලට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් 226 ආරක්ෂාවට යොදවා ඇති බවද පැවසූ ඇය හමුදාවේ ආරක්ෂාව ද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද ඊට අමතරව යොදා ඇතැයි ද කියා සිටියාය.

ප‍්‍රභූ ආරක්ෂක අංශ නිලධාරීන් 6000 ක ප්‍රමාණයෙන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad