ළමයින්ට දෙන්න කිරි-බිත්තර-මස් ගන්න විදිහක් නෑ! කොළඹ ඉස්කෝලවල ළමයි කලන්තෙ දාලා වැටෙනවා! ලංකාවේ ඛේදවාචකය ‘ගාඩියන්’ ලෝකෙටම කියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 29, 2022

ළමයින්ට දෙන්න කිරි-බිත්තර-මස් ගන්න විදිහක් නෑ! කොළඹ ඉස්කෝලවල ළමයි කලන්තෙ දාලා වැටෙනවා! ලංකාවේ ඛේදවාචකය ‘ගාඩියන්’ ලෝකෙටම කියයි!

කොළඹ නගරයේ පාසල්වල දරුවන් හාමතේ කලන්තේ දමා ඇදගෙන වැටෙන දර්ශන පසුගිය මාස කිහිපය තිස්සේ සුළබ දර්ශනයක් බවට පත්ව ඇතැයි ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි. 
දෙමව්පියන් ආර්ථික අර්බුදයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින බැවින් බොහෝ දරුවන් පාසල් එන්නේ කුසගින්නේ බව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබදව විශේෂ වාර්තාවක් පළකර තිබෙන ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි.

දරුවන්ට මස් මාළු හෝ බිත්තර වැනි යමක් සමග පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ හැකියාව දෙමව්පියන්ට නැති බව වාර්තා කර තිබෙන වෙබ් අඩවිය දරුවන් පාසල් පැමිණීමේ අඩු වීමක් දක්නට ඇති බව ද පවසයි.

කොළඹ නගරයේ පාසල් ගුරුවරියක් මේ සම්බන්ධයෙන් ගාර්ඩියන් වෙබ් අඩවියට අදහස් දක්වා තිබේ
ගාර්ඩියස් සම්පූර්ණ වාර්තාව පහත දිගුවෙන් ලබා ගත හැකියි.

ලින්ක් එක මෙතනින්..


No comments:

Post a Comment

Post Bottom Ad