මේ රට රාජපක්‍ෂලා විනාශ කලා.. ආයෙත් වැටි වැටි එනවා... ගෝටාභයට සාපය පල දුන්නා - මිහින්තලා හිමි මාධ්‍ය අමතයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

මේ රට රාජපක්‍ෂලා විනාශ කලා.. ආයෙත් වැටි වැටි එනවා... ගෝටාභයට සාපය පල දුන්නා - මිහින්තලා හිමි මාධ්‍ය අමතයි (VIDEO)

මේ රට විනාශ කලේ රාජපක්‍ෂලා විසින් බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

දැන් වැටී වැටී නැවත දේශපාලනයට එන්නේ එහි රස දන්නා නිසා බවද උන්වහන්සේ කියා සිටිති. 
ඔවුන්ට නැවත ඡන්දය දෙන්නේ නම් එම පිරිස් හරකුන්ටත් අන්ත බවත් උන්වහන්සේ පැවසූහ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්මැලි සෑ පුදබිමෙහි දිවුරුම් දීම පැවැත්වීම සාපයක් වූ බවද ඒ සාපය පල දුන් බවද උන්වහන්සේ කියා සිටියහ.

භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පිවිසීම ගැන දැඩි විවේචන එල්ල කළ උන්වහන්සේ කියා සිටියේ භික්ෂූන් වහන්සේලා ආගමික කටයුතුවල නිරත වීම ප්‍රමාණවත් බවය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad