“මම තමයි රනිල්ගේ පුරෝහිතයා” පොහොට්ටු මන්ත්‍රී කියයි – පිල් මාරුව ගැන ප්‍රබලයෙකු කී කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 27, 2022

“මම තමයි රනිල්ගේ පුරෝහිතයා” පොහොට්ටු මන්ත්‍රී කියයි – පිල් මාරුව ගැන ප්‍රබලයෙකු කී කතාව

මේවන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට යන බව රහසක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවා. 
“මම තමයි මෙහෙ ඉන්න රනිල්ගේ පුරෝහිතයා. මට තමයි ඔක්කොම හම්බවෙන්නේ” යැයි රාත්‍රීයට සාද වලට යන බදුල්ල ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරන බවත් රොෂාන් රණසිංහ ඇමතිවරයා පොහොට්ටුවේ සංවිධායක ධූරයෙන් ඉවත් වන බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රබලයෙකුත් එජාපය සමඟ සාකච්ඡා කරන බවත් ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මහනුවර මහමුද් බාලිකා විදුහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව තරඟ වැදීමට සූදානමින් සිටින බවයි.

එම පිරිස 30ක් 40ක් පමණ පිරිසක් වනු ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයිද එම තොරතුරු ඉදිරියේදී අනාවරණය කරනු ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

- ඒෂියන් මිරර්


No comments:

Post a Comment

Post Bottom Ad