සජබයේ සහ පොහොට්ටුවේ 13ක් අය වැයේදී එජාපයට… ඇමතිධුර ලෑස්තියි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 9, 2022

සජබයේ සහ පොහොට්ටුවේ 13ක් අය වැයේදී එජාපයට… ඇමතිධුර ලෑස්තියි!

එළඹෙන අයවැයේදී ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අයවැය දිනයේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇති අතර එක්වන මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad