වෙඩි තියන්න ආපු එකාගෙ තුවක්කුව බෙලිඅත්ත පොලිසිය වායු රයිෆල් එකක් කරලා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 5, 2022

වෙඩි තියන්න ආපු එකාගෙ තුවක්කුව බෙලිඅත්ත පොලිසිය වායු රයිෆල් එකක් කරලා…

තුවක්කුවකින් වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයෙක් සම්බන්ධව ඉදිරිපත් වුන පැමිණිල්ලක්     වායු රයිෆලයකින් පාවිච්චි කිරීමට ගත් උත්සාහයක් ලෙස උසාවියට කරුණු වාර්තා කර අයුක්ති සහගත ලෙස සැකකරු ආරක්ෂා කරගැනීමට   ගත් උත්සාහයක්  සම්බන්ධව බෙලිඅත්ත පොලිසියෙන් වාර්තා වේ.  
පැමිණිල්ල වෙනස් කර ඇතැයි පවසන වින්දිත පාර්ශවය සැකකරු වෙඩි තැබීමට උණ්ඩයක් අතුළු කරමින් තුවක්කුවත් රැගෙන පැමිණෙන ආකාරයත්, පසුව සැකකරුගේ පාර්ශවයේම කෙනෙක් තුවක්කුව උදුරාගෙන යන ආකාරයත්, සහිත සීසීටී.වී දර්ශන සහ ඡායාරූප ඇතුළත් සංයුක්ත තැටියක්    නීතිඥයෙක් මාර්ගයෙන්  බෙලිඅත්ත පොලිසියට   පොලිසියට ඉදිරිපත් කර නඩු බඩු කුවිතාන්සියකින් උසාවියට ඉදිරිපත් කරන ලෙස  මේ වනවිට  දන්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනවාරි මස 26 වැනිදා බෙලිඅත්ත මිහිඳු මාවතේ පාර්ශවයන් දෙකක් අතර ඇති වූ ගැටුමක් අතර මෙම වෙඩි තැබීමේ තැත වාර්තා වී ඇත.  එදිනම ඒ සම්බන්ධව වින්දිත පාර්ශවය බෙලිඅත්ත පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබේ.

එහෙත් පොලිසිය උසාවියට කරුණු වාර්තා කර තිබුණේ සැකකරු වායු රයිෆලයක් සමග පැමිණ ඇති බවට බව වින්දිත පාර්ශවය කරුණු දක්වා ඇත.

බෙලිඇත්ත පොලිසිය විසින්  පැමිණිල්ල වෙනස්කර මෙසේ උසාවියට කරුණු වාර්තා කිරීම පසුපස යම් දූෂණ සිදුවීමක් පිළිබඳ සැකයක් ඇති බව ද  අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කසිප්පු සහ දඩමස් ජාවාරමක් වැටලූ සැරයන් වරයෙකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලැබුන සිද්ධිය වාර්තා වන්නේත්  තමන් නාමල් රාජපක්ෂ විසින් එවූ බව පවසන පොලිස් ස්ථානාධිපතිවරයෙක් සහිත බෙලිඅත්ත පොලිස්ථානයෙන්ය.

උපුටාගැනීම -lankasara

No comments:

Post a Comment

Post Bottom Ad