ඊයේ ගාලුමුවදොර විරෝධය විරෝධයකින්ම කෙළවර වේ – නාගානන්දව ආපසු හරවයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 29, 2022

ඊයේ ගාලුමුවදොර විරෝධය විරෝධයකින්ම කෙළවර වේ – නාගානන්දව ආපසු හරවයි (VIDEO)

කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (28 දා) සවස ‘විනාශයට එරෙහිව’ තේමාවෙන් පැවැති විරෝධතාව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ සංචාරක මගපෙන්වන්නන්ගේ මැදිහත්වීමෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් නතරකර දැමීමට සංවිධායකයන්ට සිදුවිය. 
විරෝධතාවට එක්ව සිටි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විරෝධතාවට එරෙහි වූ පිරිස හා පොලිසිය විසින් ත්‍රිරෝද රථයක නංවා පිටත්කර යවනු ලැබීය.

‘ධීවර’ විරෝධයක් ලෙස එම විරෝධතාව පැවැති අතර ඊට 20 ක පමණ පරිසක් මුලින් එක්ව සිටියහ. පසුව ඔවූහු ද විසිර ගියහ.

සංචාරකයන් දිවයිනට පැමිණෙන අවස්ථාවේ මෙසේ විරෝධතා පැවැත්වීම තම වෘත්තීන්ට මෙන්ම රටට ද කරන හානියක් බව ඊට විරෝධය දැක්වූවන් කියා සිටි අතර පොලිසිය සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.
නිශාන් එස්. ප්‍රියන්ත


No comments:

Post a Comment

Post Bottom Ad