පොහොට්ටුව ඇතුළේ කැරැල්ලක්! ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඇතුළු තරුණ මැති ඇමතිවරු පිරිසක් තීන්දුවක් ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 29, 2022

පොහොට්ටුව ඇතුළේ කැරැල්ලක්! ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ඇතුළු තරුණ මැති ඇමතිවරු පිරිසක් තීන්දුවක් ගනී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂයේම තවත් පිරිසකගෙන් විරෝධයක් එල්ල වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඉදිරියේදී පැවැත්වෙන පක්ෂයේ සාකච්ඡාවල දී පක්ෂය තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේ. 
එම අදහස් නොපිළිගන්නේ නම්, වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට මෙම පිරිස දැනටමත් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුවේ ඇමැතිධුර දරන ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මෙන්ම, තරුණ මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම පිරිස අතර සිටින බව දැනගන්නට තිබෙනවා.   

ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ද මේ අතර සිටින බවයි වැඩිදුරටත් එම ආරංචි මාර්ග පැවසූවේ.


No comments:

Post a Comment

Post Bottom Ad