UPDATE : A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 28, 2022

UPDATE : A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ!

මහනුවර අම්පිටියේදී මෙවර සාමාන්‍ය පෙළ A 9ක් ලබා ඉහළින්ම සමත් වූ බෙනඩික්ට් විද්‍යාලයේ සිසුවකුට පිය ඉදිරියේදීම භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ අම්පිටිය ගාලේතැන්න ප්‍රදේශයේ කදුමුදනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියේ ඇණ ගැසූ සිද්ධියට ‌සම්බන්ධ කල්ලියේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී ඇති බව පැවසේ. 
2021 ජනවාරි මස 26 වැනි දින සිදුවූ එම සිද්ධියට සම්බන්ධ වී සිටියේ දඹුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කපුවකු ඇතුලු පිරිසකි.

ඔවුන්ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද චෝදනා රැසක් එල්ල වී තිබිණි.

කෙසේවෙතත් සිද්ධියෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිසුවාට ගිනි තබා ඇත්තේද මෙම කල්ලියේ අයකු බව ‌මේ වනවිට හදුනාගෙන තිබේ.

එහෙත් ඔවුනට ඇති බිය නිසාම කිසිවකුත් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

අවම වශයෙන් සිසුවගේ පියා පවා ඒ පිළිබදව නිහඩව සිටින බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad