ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල ලංකාවට ආ ගමන්ම කියපු කතාව | Danushka Gunathilaka - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 6, 2022

ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල ලංකාවට ආ ගමන්ම කියපු කතාව | Danushka Gunathilaka

ධනුෂ්ක ගුණතිලකගේ අතවර සිද්ධිය ගැන කණ්ඩායම බාරව සිටි මහේල ලංකාවට ආ ගමන්ම කියපු කතාව

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය කනගාටුවට කරුණක් බව මහේල ජයවර්ධන පැවසීය.

ඊයේ (06) රාත්‍රීයේ ඔස්ට්‍රේලියාවේ සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – ධනුෂ්ක ගුණතිලක චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා රටටත් කණ්ඩායමටත් ලොකු අපකීර්තියක් එල්ල වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ ?“මම හිතන්නේ කනගාටුවට කාරණයක්. අපි අවසාන තරගය ඉවරවෙලා රාත්‍රියේ තමා අපිට දැනගන්න ලැබුණේ. පහුවදා අපි ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුණා. මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. නමුත් පෞද්ගලිකව ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් ගැන වගකීමක් භාරගත යුතුයි. ඒත් බලමු ඒ පරීක්ෂණවලින් මොකක්ද වෙන්නේ කියලා. මම හිතන්නේ එතකල් අපිට කියන්න අමාරුයි මොකද්ද වුණේ කියලා. කණ්ඩායමක් විදියට ගියාම අපි බලන්නේ පුළුවන් තරම් නීතිගරුකව ඒ රටවල්වල හැසිරිලා නැවත මව්බිමට එන එක. ඒ වගේ අවස්ථාවක ක්‍රීඩකයින් අතින් මේ වගේ දේවල් වෙන එක ඉතාම කනගාටුවට කාරණයක්. අපි නීතියට ඉඩදීලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා.”

No comments:

Post a Comment

Post Bottom Ad