මං එක්ක වාද කරන්න එන්න එපා… ඔයගොල්ලො අවුරුදු 32ක් මොනවද කළේ..? මට නඩු ගේන්න එපා… හරියට වැඩ කරන්න… ජනපති රාජ්‍ය නිලධාරීන්ට රතු එළි දල්වයි…(VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 22, 2022

මං එක්ක වාද කරන්න එන්න එපා… ඔයගොල්ලො අවුරුදු 32ක් මොනවද කළේ..? මට නඩු ගේන්න එපා… හරියට වැඩ කරන්න… ජනපති රාජ්‍ය නිලධාරීන්ට රතු එළි දල්වයි…(VIDEO)

තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමටත්, කඹ ඇදීමකින් තොරව ජනතා සේවය කිරීමටත් රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 
තමා වෙත ඉදිරිපත් කළ ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බව ත් පැවසූ අතර රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බව ත් පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

අදාළ වීඩියෝව පහළින්…


No comments:

Post a Comment

Post Bottom Ad