මමනම් මට හෙව්වේ සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි - ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය | Gossip Lanka Story about Popular singer Dilki Uresha - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 28, 2022

මමනම් මට හෙව්වේ සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි - ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය | Gossip Lanka Story about Popular singer Dilki Uresha

මමනම් මට හෙව්වේ සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි 
ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
[PHOTOS]

දිල්කි උරේෂා ගායිකාවක් වන්නේ ටික කලකට කලින්. නමුත් ඈ මෑතකදී තමයි ජනප්‍රිය වෙන්නේ, ඈ ගයන බොහෝ ගීත රසිකයින් වැලඳ ගන්නවා.ඉතින් ඉතාම කෙටි කාලයක් තුළ ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට පිවිසිලා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට ලක් වුණු හරිම නිහතමානී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ.

ඇය ගායනා කල ගීත අතර බෙහෙවින්ම රසික ආදරය ලැබුණේ සත්තයි මට ඔබ වාගේ කියන ගීතයයි.

දිල්කිගේම ගීත කිහිපයක්ම මේ වන විට ඇයට ආදරය කරන රසිකයින්ට අහන්න ලබා දීලා තියෙනවා.
ජනප්‍රිය ගායිකාවක් වන ඇගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල්ද සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා. ඒ දිල්කිගේ ආදරය ගැන.

ආදරය නිසා දුක් විදලා තිබුණු දිල්කිට හොද පෙම්වතෙක් මේ වන විට ලැබිලා තියෙනවා.

ඔහු විදෙස් ගත වෙන විට දිල්කි සංවේදී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා.

ඉතින් ඇය ආදරයට සහකරුවෙක් සොයා ගත්ත විදිය ගැන මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබූනේ.

”මගේ ආදර කතාව ගැන දැන් හැමෝම දන්නවා. මම එයාට ගොඩක් ආදරේ කරන නිසා මගේ හිත වෙන කෙනෙකුට යන්නෙ නෑ. ආදරේ කියන දේ සල්ලි වලට ගන්න බෑ.

මමනම් මට හෙව්වේ ආදරේ කරන කෙනෙක් මිසක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. මටත් සල්ලිනම් තියෙනවා. සල්ලි කියන දේ අද තිබිලා හෙට නැතිවෙන්න පුලුවන්. මට හරිම ආදරණීය කෙනෙක් ඉන්නවා. අපි දෙන්නා ඉක්මනටම එකතු වෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad