හරීන් මැති ඇමැතිකම් සියල්ල අත හරී…! කරූ සහ වික්ටර් සමග අලුත් බලවේගයක්...! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 27, 2022

හරීන් මැති ඇමැතිකම් සියල්ල අත හරී…! කරූ සහ වික්ටර් සමග අලුත් බලවේගයක්...!

කරූ ජයසූරිය සහ වික්ටර් අයිවන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ යෝජනා කියවූ පසු තැනගේ ඇස් දෙක ඇරුණු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
මාධ්‍ය කළ විමසීමක දී ඔහු කියන්නේ තමන් මන්ත්‍රීකම අතහැර ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය ගන්නා බවයි.
 
“පසුගිය දා කරූ ජයසූරිය සහ වික්ටර් අයිවන් ඔවුන්ගේ යෝජනා පත්‍රයක් කැබිනට් එකට ලබා දුන්නා. ඒ යෝජනාවන් කියෙව්වට පස්සේ මගේ ඇස් දෙක අරුණා.

මේ ක්‍රමය වෙනස් කරන්න සාධාරණ සමාජයක් වැඩපිළිවෙළට එකතු වෙන්න මම හිතුවා. කාටවත් බැන බැන ඉදල හරි යන්නේ නැහැ තව මාස 6,7කින් මගේ මන්ත්‍රීකම දීලා එම වැඩ පිළිවෙළ පටන් ගන්න මම කැමතියි.

මෙම වැඩපිළිවෙළට නායකත්වයක් දෙන්න මම සූදානම්. මම විතරක් නෙමෙයි තව කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුත් එකතු වෙන්න කැමතියි. මම යූඑන්පී එකට යන්නේ නැහැ. මම ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයටත් කිව්වා. මම කැමතියි මේ වැඩේට නායකත්වය දෙන්න.


No comments:

Post a Comment

Post Bottom Ad