ලිස්ටිරියා ආසාදිතයන් 10ක් හමුවේ... ශ‍්‍රීපාද වන්දනාකරුවන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 18, 2023

ලිස්ටිරියා ආසාදිතයන් 10ක් හමුවේ... ශ‍්‍රීපාද වන්දනාකරුවන්!

ලිස්ටිරියා බැක්ටීරියා රෝගය ආසාදිත බව සැක කෙරෙන රෝගීන් දහ දෙනෙකු පමණ මේ වන විට වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රී පාද වන්දනාවේ නිරත වූ කාන්තාවකගේ මරණයක් සහ තවත් ආසාදන සිදුවීම් දහයක් පමණ වාර්තා වන බව එම සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම මරණය හා රෝගීන් ලිස්ටීරියා නම් බැක්ටීරියාව සාදනය වීමෙන් ඇතිවෙන රෝග ලක්ෂණ සහිත බව වසංගත රෝග විද්‍යා අංශය දැනුවත් ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණීම සදහා තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad