රයිගම් සම්මාන 2022 ජනප්‍රියම නළුවා උද්දික නිළිය දුෂේනි | Raigam Tele'es - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 25, 2023

රයිගම් සම්මාන 2022 ජනප්‍රියම නළුවා උද්දික නිළිය දුෂේනි | Raigam Tele'es

රයිගම් සම්මාන 2022 ජනප්‍රියම නළුවා උද්දික නිළිය දුෂේනි

දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීයම සම්මාන උළෙල ලෙස අඛණ්ඩව වර්ෂ 18ක් ඉතා සාර්ථකව පවත්වා ඇත.


විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.රයිගම් ටෙලීස් - දේශීය සම්මාන උළෙල සංස්කෘතියට නවාංග හඳුන්වා දෙමින් පුරෝගාමී මෙහෙවරක නියැලී ඇත.
විශේෂයෙන් ජාත්‍යන්තර උළෙල සංස්කෘතිය හා යමින් ප්‍රධාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම ප්‍රසිද්ධකිරීම ප්‍රථම වරට 2013 වසරේදී හඳුන්වා දුන්නේ රයිගම් ටෙලීස් වන අතර, සිය`ඵ නිර්දේශලාභීන්ට වටිනා රක්‍ෂණ ප්‍රතිලාභයක් සමග සම්මානලාභීන්ට ඉහල මුදල්ත්‍යාගයන් පිරිනමන ලද්දේ ද රයිගම් ටෙලීස් විසිනි.

අද (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.

No comments:

Post a Comment

Post Bottom Ad