අම්මා ඝාතනය කළ පුතා වසර 8කට පසු මාට්ටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

අම්මා ඝාතනය කළ පුතා වසර 8කට පසු මාට්ටු

අම්මා ඝාතනය කළ පුතා වසර 8කට පසු මාට්ටු 

කැබිතිගොල්ලෑව, අයිතිගෙ වැව ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී කාන්තාවකගේ ගෙළ සිර කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවෙකු වසර 8ට පසු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මියගිය කාන්තාවගේ පුතා වන ඩබ්ලිව්.ජේ.සී. විජේරත්න නමැති දෙවන ස්වෙච්ඡා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ සේවය කළ අයෙකි.සැකකරු 50 හැවැරිදි තම මව නිවසේ සිටියදී ගෙළ සිර කර ඝාතනය කර ඇත්තේ, 2015 වසරේ ජූනි මස 5 වන දා ය.

අභිරහසකව තිබුණු මෙම ඝාතනයේ ඝාතකයා සෙවීමට එදින සිට කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ෂන අංශය කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි සමීපතම ඥාතීන්ගෙන් මෙන් ම මෙම සෙබළගෙන් වෙන් වී ජීවත් වන ඇයගේ බිරිඳ ගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගනිමින් සිට ඇත.

ඒ අනුව, ලැබුණු තොරතුරක් මත මෙම ඝාතනයේ ඝාතකය මිය ගිය කාන්තාවගේ පුතා බවට අනාවරණය කර ගත් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒ පිළිබඳ ඝාතකයා සේවය කළ කටුනායක පිහිටි යුද්ධ හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී දැණුවත් කර තිබේ.

සැකකරු ඊයේ (මාර්තු 25) දින පොලිස් භාරයට ගෙන ඇති අතර අද (මාර්තු 26) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.

No comments:

Post a Comment

Post Bottom Ad