තවත් උහුලන්න බෑ.. ඇමතිධුර ඕනෑ.. නොදුන්නොත් විපක්ෂයට යනවා.. ජේෂ්ඨ පොහොට්ටුවන් කියති… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

තවත් උහුලන්න බෑ.. ඇමතිධුර ඕනෑ.. නොදුන්නොත් විපක්ෂයට යනවා.. ජේෂ්ඨ පොහොට්ටුවන් කියති…

කාලයක් තිස්සේ අමාත්‍යධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විටත් දැඩි කණස්සල්ලෙන් සිටිති.
එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේ තවදුරටත් අමාත්‍යධුර දීම ප්‍රමාද වන්නේ නම් රජයට සහාය දීම පිළිබඳව තීරණයක් ගැනීමට ඔවුන් සාකච්ඡා කර ඇති බවයි.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානය පැවති සාකච්ඡාවක දී ද දැඩිව අවධාරණය කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා පත් වීමෙන් පසු අවස්ථාවෙන් පසු අවස්ථා ගණනාවකදීම නව කැබිනට් අමාත්‍යවරුන් පත් කරන බවට පැවසුනද මේ දක්වා අමාත්‍ය ධුරයක් ලබා දීමක් සිදු නොවීම ගැන ඔවුන් මෙසේ කනස්සල්ලෙන් පසුවෙති.

පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන්ද අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු පිරිස නම් කර ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි.

No comments:

Post a Comment

Post Bottom Ad