වසර අග ජනාධිපතිවරණයක්... තමන් අපේක්‍ෂක බව මෛත‍්‍රී කියයි... හෙලිකොප්ටරය දෙදරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

වසර අග ජනාධිපතිවරණයක්... තමන් අපේක්‍ෂක බව මෛත‍්‍රී කියයි... හෙලිකොප්ටරය දෙදරයි

මෙම වසර අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
එම ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එනිසා ජනාධිපතිවරණයට බිම් මට්ටමෙන් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන ලෙස ද මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇත.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් සමග රත්නපුරයේදී පැවති සාකච්චාවකදීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සංධානයේ ද සාමාජිකත්වය දරයි. නිදහස් ජනතා සන්ධානයේ ප්‍රකාශකයන් කිහිපදෙනෙකුම මීට පෙර අවස්ථාවල කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් තම සන්ධානයේ සාකච්චා කර හෝ නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad