ගෝඨාට දොස් කියයි! රනිල්ට හොඳ කියයි! පොහොට්ටුව කළ වැරදි ඇමති පවිත්‍රා හෙළිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 26, 2023

ගෝඨාට දොස් කියයි! රනිල්ට හොඳ කියයි! පොහොට්ටුව කළ වැරදි ඇමති පවිත්‍රා හෙළිකරයි

“අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා  දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම” යැයි ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

“ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා” යැයි ඇමතිවරිය සඳහන් කළාය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.” යැයි පොදුජන පෙරමුණු  බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව පැවැසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad