පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගහපු මැච් එකෙන් නාමල්ගේ කණ්ඩායම දිනයි! නාමල් සාගරගේ අතින් කප් එක ගනී! (PHOTO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 12, 2023

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගහපු මැච් එකෙන් නාමල්ගේ කණ්ඩායම දිනයි! නාමල් සාගරගේ අතින් කප් එක ගනී! (PHOTO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ කණ්ඩායම හයක් සඳහා ඊයේ ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තිබුනේ නෙලුම් මාවත කාර්‍ය මණ්ඩලයේ තරුණ කොල්ලො කෙල්ලො ටික..

ඒ වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වුනා..

නෙලුම් මාවත කාර්‍ය මණ්ඩලය A කණ්ඩායම

පොදුජන තරුණ පෙරමුණ කණ්ඩායම

පොදුජන පෙරමුණ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කණ්ඩායම

පොදුජන වෘත්තීය සමිති ඒකාබද්ධ කණ්ඩායම

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ කණ්ඩායම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල කණ්ඩායම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කලා..

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක වක්කුඹුර, සනත් නිශාන්ත, ප්‍රසන්න රණවීර, සුමිත් උඩකුඹුර, ඩබ්. ඩී. වීරසිංහ, සම්පත් අතුකෝරල මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගෙ ස්වේච්ඡා කාර්‍ය මණ්ඩල සහභාගී වුනා..

ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මැතිතුමා විසින් එහි නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මැතිතුමන්ට පිරි නැමුවා.. එම අවස්ථාව සහ ඒ අවස්ථාවේදී ජයග්‍රාහී කණ්ඩායම සිය සතුට පල කල අවස්ථාව පහතින්…


No comments:

Post a Comment

Post Bottom Ad