සත්‍ය වෙනුවෙන් ජයග්‍රහණය තෙක් සටන් කිරීම ක්‍රිස්තියානි ධර්මයයි… පාස්කු දේව මෙහෙයේ දී කාදිනල් තුමෝ කියති! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 9, 2023

සත්‍ය වෙනුවෙන් ජයග්‍රහණය තෙක් සටන් කිරීම ක්‍රිස්තියානි ධර්මයයි… පාස්කු දේව මෙහෙයේ දී කාදිනල් තුමෝ කියති!

ඇත්ත වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ජයග්‍රහණය   තෙක් අරගල කිරීම ක්‍රිස්තියානි ධර්මය බවත් දැන් මේ රටට වෙනසක්  සහ පරිවර්ථනයක් අවශ්‍ය බවත් අති උතුම්  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ ඊයේ (08) මධ්‍යම රාත්‍රී  පැවති දේව මෙහෙයට එක් වෙමිනි.
පාස්කු ඉරුදින ලොව පුරා බැතිමත්හු කුරුසිය මත දිවි පිදූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, මරණය හා උත්ථානය සිහිපත් කරන ශුද්ධ වූ දිනය ය. එදින අපට සමරන්නට වී ඇත්තේ මීට සිව් වසරකට පෙර එල්ලවූ මෘග ත්‍රස්දවාදී ප්‍රහාරයේ බිහිසුණු ඛේදාන්විත මතකයත් සමගය.

සිය දේශනාව අතර කාදිනල් තුමෝ මෙසේ ද පැවසූහ.

“ශුද්තෝත්ම පියාණන් වහන්සේ කිව්වේ කම්මැලි වෙන්න එපා කියලා. ඒක හරිම වැදගත් කරුණක්. මට වැඩක් නෑ කියලා ගොඩක් අය මග හැරලා ඉන්නවා. “

“නෑ… අපිට පරිවර්තනයක් අවශ්‍යයයි… අපට වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනස සඳහා අප සම්බන්ධ වෙන්න ඕන. “

“දැන් බලන්න පාස්කු බෝම්බ ප්‍රහාරය…. අවුරුදු කීයක් ද?.  අවුරුදු හතරක්.  තවමත් යුක්තිය ඉටු වී නෑ. තවමත් කවුරුත් දන්නේ නෑ මොකද උනේ කියලා. “

No comments:

Post a Comment

Post Bottom Ad