පාපන්දුව අවුලෙන් අවුලට.. හිරේ ඉන්න සභාපති නෙරපන්න යෝජනා සම්මත කරන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 5, 2023

පාපන්දුව අවුලෙන් අවුලට.. හිරේ ඉන්න සභාපති නෙරපන්න යෝජනා සම්මත කරන්න යයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. රංගා මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා යෝජනාවක් සම්මත කිරීමට සූදානම් වෙයි. ඒ අනුව දිවයිනේ සියලුම ක්‍රීඩා සමාජ සහභාගිත්වයෙන් ඉදිරියේ දී කැඳවීමට නියමිත පාපන්දු සම්මේලනය විශේෂ මහා රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පසුගිය ජනවාරි මස 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පාපන්දු තරඟ තහනමක් පනවා ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති අතර සේවක වැටුප් පවා ගෙවීමට නොහැකි තත්වයක්ද මතුව ඇත.

මේ වන විට සහ පාපන්දු ආයතනයේ සභාපතිවරයා වන ජේ.සී. රංගා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ වව්නියාව මහධිකරණය විභාගය වන නඩුවකට අදාලවයි.


No comments:

Post a Comment

Post Bottom Ad