ලියපදිංචි නොවූ තත්වයෙන් බාල ඖෂධ රෝහල්වල! එන්නත් වර්ගයක් වහාම රෝහල් වලින් ඉවත් කරන්නැයි දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 15, 2023

ලියපදිංචි නොවූ තත්වයෙන් බාල ඖෂධ රෝහල්වල! එන්නත් වර්ගයක් වහාම රෝහල් වලින් ඉවත් කරන්නැයි දන්වයි

ඉන්දියාවෙන් ගෙන්වන ලද හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාලවීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඉන්දියාවෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර නිර්වින්දන ඖෂධ කුප්පි ලක්ෂයක් භාවිතයෙන් ඉවත් කළ බවද ඊයේ අනාවරණය කළා.

ඔහු කියා සිටියේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඉන්දියාවෙන් ගෙන්වන ලද ඇතැම් ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පැවති බවයි.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා,

“සෞඛ්‍ය අමාත්‍යංශය මැයි මාසේ නමවෙනිදා ඖෂධ සැපයුම් ඒකකයට ලිපියක් නිකුත් කරනවා. විධායක අධ්‍යක්ෂකවරයා ඖෂධ නියාමන අධිකාරියේ ඉන්දියානු සමාගමක් හරහා ගෙන්වන ලද Propofol කියන නිර්වින්දන එන්නත වහාම රෝහල්වලින් නැවත ගෙන්වාගෙන, භාවිතයෙන් ඉවත් කරන්න කියලා. ඒ ලිපියේ සඳහන් වෙනවා this is an unregistered drug කියලා. පහුගිය අන්තිම මාස දෙක තුනේ අපේ රටේ මේ ගෙන්වන ගෙන්වන ඖෂධය තත්ත්වයෙන් බාලයි. ගුණාත්මක බවින් අඩුවීම නිසා රෝගීන්ට සංකූලතා ඇතිවෙලා ඉවත් කරන්න සිද්ධ වෙනවා. බරපතලම ප් රශ්නය තමයි මේ වගේ එන්නත් කුප්පි ලක්ෂ ගණන් භාවිතයෙන් ඉවත් කරනකොට, මේ ඉන්දියානු සමාගම්වලට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කරලා මුදල් ගෙවලා තියෙනවා නම්, මේ වැයවන ඩොලර් බිලියන ගානේ මුදල නැවත වරක් ප්‍රතිපූර්ණ කරගෙන, ඒවා අයකර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් තියෙනවාද?“


No comments:

Post a Comment

Post Bottom Ad