හැරිසන් ආණ්ඩුවට පැන්නේ කිරි හරක් වංචාවෙන් ගැලවෙන්නයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 16, 2023

හැරිසන් ආණ්ඩුවට පැන්නේ කිරි හරක් වංචාවෙන් ගැලවෙන්නයි (VIDEO)

සමගි ජන බලවේගයේ උප සභාපතිවරයෙකු වූ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා ජනාධිපතිවරයාට සහාය දීමට තීරණය කර ඇත්තේ ඔහුට එල්ල වී ඇති කිරි හරක් වංචාවෙන් ගැලවීම සඳහා බව සමගි ජන බලවේගය ආගමික කටයුතු උපදේශක ධනවර්ධන ගුරුගේ මහතා පෙන්වා දෙයි.

පක්‍ෂය තුල සිටින වංචා-දූෂණ චෝදනා එල්ල වන වරදාන වරප්‍රසාද වලට ගිජු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී ජනාධිපතිවරයා සමග එකතු වීමේ ඉඩක් ඇති බවද හෙතෙම කියා සිටී.

තමන්ට ලැබෙන තොරතුරු අනුව ඉදිරි දින කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad