වසන්ත මුදලිගේ ඉවතට... අන්තරේට නව කැදවුම්කරුවෙක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

වසන්ත මුදලිගේ ඉවතට... අන්තරේට නව කැදවුම්කරුවෙක්!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේට වසන්ත මුදලිගේ ඉවත්වී නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිතයි.

පසුගිය 14(ඉරිදා) අන්තරේ සැසියේදී මේ බව දන්වා ඇත.

මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇත.

සබරගමුව, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල මේ ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇත.

පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා එම සරසවි සම්බන්ධ නොකරගැනීමට හේතුවී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනිත් ජනජය හෝ විවෘත විශ්වවිද්‍යාලයේ Rifath sparrow (බයිරා) යන ශිෂ්‍ය නායකයින්ගෙන් අයෙකු නව කැඳවුම්කරු වීමට ඉඩඇති බව ආරංචි මාරග පවසයි

– Repoter


No comments:

Post a Comment

Post Bottom Ad