අරගල නායකයෙකුගේ ගණිකා නිවාසයක් අල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 23, 2023

අරගල නායකයෙකුගේ ගණිකා නිවාසයක් අල්ලයි!

තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත් කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි .

ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මොවුන් මෙම ජංගම ගණිකා ජාවාරම පවත්වාගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා රුපියල් 55,000 ක මුදලකට කාන්තාවක් ඇණවුම් කළ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති විත් ඇති අතර එහිදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් බවට පොලිසියට තොරතුරු ලැබී ඇත

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad