පොහොට්ටු මන්ත්‍රීගේ දඩය ගෙවලා තියෙන්නේ යාළුවෙක්ගේ සල්ලි වලින් – ගෙනාපු බඩුත් රාජසන්තකයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 24, 2023

පොහොට්ටු මන්ත්‍රීගේ දඩය ගෙවලා තියෙන්නේ යාළුවෙක්ගේ සල්ලි වලින් – ගෙනාපු බඩුත් රාජසන්තකයි

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා විසින් නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ඊයේ (24) අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසුවා.

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය රේගු ආදායම් සංරක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබෙනවා.

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල ඊයේ (24) අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගියා

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා සඳහන් කරන්නේ අදාළ භාණ්ඩ තොගය තමන්ගෙන් නොවන බවයි.

එම භාණ්ඩ තමන් සමග ගිය හිතවතෙකුගේ බවත් ඔහු විසින් තමන්ගේ ගමන් මළු තුළ ද තමන් නොදැනුවත්ව එම භාණ්ඩ ආසුරා ඇති බවත් හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත් ඒවා ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගත් විට තමන් ජනාධිපති ලේකම්වරයාටත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාටත් කතා කලද ඔවුන්ගෙන් තමන් නිදහස් කර ගැනීමට කිසිදු සහායක් නොලද බවත් හෙතෙම කියා සිටියා.

“ලක්ෂ 75ක් මට ගෙවන්න වුණා. යාලුවෙක්ගෙන් අතමාරුවක් ඉල්ලගෙන තමයි මම ගෙවලා දැම්මේ” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad