LPL කොළඹ පිලට සොෆ්ට්ලොජික් පොලුතියලා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 7, 2023

LPL කොළඹ පිලට සොෆ්ට්ලොජික් පොලුතියලා!

ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ 2023 තරගාවලිය සඳහා කොළඹ පිල වෙනුවෙන් අලුත් අනුග්‍රාහකයකු ඉදිරිපත් වී ඇත.

ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවර සමාගමක් වන SKKY සමාගමයි.

ඇන්ජෙලෝ මැතිව්ගේ නායකත්වයෙන් යුත් කොළඹ පිලේ පසුගිය වසරේ අනුග්‍රාහකයා වූයේ සොෆ්ට්ලොජික් සමාගම වන අතර පසුගිය තරගාවලියේ අනුග්‍රාහක මුදල් ඔවුන් විසින් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් මෙම තරගාවලියේ සම සංවිධායක අයිපීජී සමාගම සොෆ්ට්ලොජික් අතහැර අලුත් අනුග්‍රාහකයකු ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන පරිදි සොෆ්ට්ලොජික් සමාගම විසින් ගෙවා ඇත්තේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් හා බෑග් සඳහා පමණි.

මෙම පොලු තැබීම හේතුවෙන් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන්ද වන අයිපීජී සමාගම ක්‍රීඩකයන්ගේ ගෙවීම් හා අනෙකුත් ගාස්තු ඔවුන් විසින් ගෙවා ඇතැයිද වාර්තා වේ.

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ අදියර දෙකක් මේ වන විට පවත්වා ඇති අතර එම අවස්ථා දෙකේදීම කණ්ඩායම් අනුග්‍රාහකයන්ගේ (අයිතිකරුවන්) මෙවැනි පොලු තැබීම් නිසා අයිතිකරුවන් නොමැතිවද තරග පවත්වා අයිපීජී සමාගම එම අඩුව පුරවා තිබිණ.

ඇතැම් අයිතිකරුවන් ක්‍රීඩක  යන්ගේ ගෙවීම් මෙන්ම හෝටල සඳහා වන ගෙවීම්ද නොගෙවා පැහැර හැර තිබුණු බව වාර්තා විය.

මෙවර තරගාවලියේ කොළඹ පිලේ අනුග්‍රාහකත්වයෙන් ඉවත් කළ සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති වන්නේ ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සභාපතිද වන අශෝක් පතිරගේ මහතාය.

- srilankamirror


No comments:

Post a Comment

Post Bottom Ad