අද සට ඔනලයන කරමයට පසපට - ඇඟල සලකණ දන තන මනන - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 14, 2023

අද සට ඔනලයන කරමයට පසපට - ඇඟල සලකණ දන තන මනන

විදෙස් ගමන් බලපත්‍රය සඳහා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමේ හැකි වන ක්‍රමවේදය අද (15) සිට ආරම්භ වේ.

මෙම නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ‌හෙට හෝමගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙදී ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එසේම මාර්ගතව අයැදුම් කරන පුද්ගලයන් හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලදී ලබාදීම සිදුකළ හැක.

නව වැඩපිළිවල ඇරඹීමෙන් පසුව වුවද, කිසිවෙකු හට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයැදුම්පත් භාරදීමේ හැකියාවද පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නව ක්‍රමය හරහා අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකිවේ.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය හා ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙසේය :

No comments:

Post a Comment

Post Bottom Ad