157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 3, 2023

157 වන පොලිස් දින සැමරුම වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන් රැසක්!

2023.09.03 (අද) වන දිනට යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව 2023.09.02 වන දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා 2023.09.03 වන දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

එහි හින්දු ආගමික වතාවත් පැවැත්වීම 2023.09.03 (අද) දින පෙරවරු 8.30ට බම්බලපිටිය නව කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වූ අතර පෙරවරු 09.30ට මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය පැවැත්විණි.

තවද ඉස්ලාම් ආගමික වතාවත් කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක ගරු අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.


No comments:

Post a Comment

Post Bottom Ad