වැඩ නොකරන ඇමතිලා පන්නන්න අපි විශ්වාස භංග ගේනවා - රෝහිත අබේගුණවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 3, 2023

වැඩ නොකරන ඇමතිලා පන්නන්න අපි විශ්වාස භංග ගේනවා - රෝහිත අබේගුණවර්ධන

කැබිනට් ඇමතිවරුන් තම වගකීම නිසි පරිදි ඉටු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

‘කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව නම් අපි ඒක පරාජය කරනවා.

හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුන්ටත් අපි වගකීමෙන් කියනවා, තමන්ගෙ වගකීම හරියට ඉටු නොකළොත්, මේක තමන්ගේ බූදලයක් වගේ තියාගන්න ගත්තොත් ඇමතිවරුන්ට යම් අනතුරු හැඟවීමක් කරනවා. එතකොට විශ්වාසභංග ගේන්නෙ විපක්ෂය නෙවෙයි, ආණ්ඩුව ඇතුළෙන්මයි. ඒකත් කියන්න ඕනෙ.

ඇමතිවරුන්ගෙත් නිකම් ඉතිං කොකම් පාන අය ඉන්නවා නම් ඒගොල්ලොන්ට දැන ගන්න කියන්න ඕනෙ. ඒගොල්ලොන් දැනගන්න ඕනෙ තමන්ගෙ අමාත්‍යාංශයක වැඩකරන කොට රටේ මිනිස්සු වෙනුවෙන් ඒක කරන්න’


No comments:

Post a Comment

Post Bottom Ad