අගමැති මාධ්‍ය අංශයට රනිල් දෙමළ වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 30, 2023

අගමැති මාධ්‍ය අංශයට රනිල් දෙමළ වෙයි!

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් 2023 ඔක්තෝම්බර් 27 දිනැති මාධ්‍ය නිවේදනයක නොදැනුවත්වම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති දෙමළ වික්‍රමසිංහ (President Tamil Wickremesinghe) ලෙස වැරදි ලෙස අකුරු කර තිබෙනවා.

පසුගිය 27 වනදා දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රීඩ් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයේ පැවතී සියවස් සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් වූ පුවතක් වාර්තා කිරීමේදී ජනාධිපතිවරයාගේ නම වැරදි ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවියේ පළකර තිබුණා.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජන්ත, රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, එම් ඒ සුමන්තිරන්, රවුෆ් හකීම්, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, සී බී විග්නේෂ්වරන්, යදාමිණි ගුණවර්ධන, විදුහල්පතිනි කවිදා ජයවර්ධන සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු ආදි සිසු සිසුවියන් ඇතුළු පිරිසක් පැමිණ සිට තිබෙනවා.

කෙසේ නමුත් මාධ්‍යවේදියෙකු විසින් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාට දැනුම් දීමෙන් පසු එම වරද නිවැරදි කර තිබු අතර කෙසේ නමුත්  රාජ්‍ය මාධ්‍ය ඉදිරියේදී පළ කරන දේ සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගතයුතු කරුණකි.


No comments:

Post a Comment

Post Bottom Ad