පුතාගේ දිස්ත්‍රික් නායකකම රැකගන්න ජනපති ඇමතු ආණ්ඩුකාර කවුද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 30, 2023

පුතාගේ දිස්ත්‍රික් නායකකම රැකගන්න ජනපති ඇමතු ආණ්ඩුකාර කවුද?

කෑගල්ල දිස්ත්‍රික් පොහොට්ටුවේ නායක රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් නොවන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇතැයි වාර්තා වෙනවා.

ආණ්ඩුකාරවරයා මේ බව ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතාකර විමසා ඇති බවද දැනගන්නට ඇත.

“ජනාධිපතිතුමා ඇයි අපිට මෙහෙම කරන්නේ,කනක ඉද්දි ඊට උඩින් කැබිනට් නොවන ඇමති කෙනෙක් දාපුහම අපි දිස්ත්‍රික්කේ වැඩ කරන්නේ කොහොමද?“යැයි මහීපාල හේරත් මහතා එහිදී පවසා තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයාට තත්වය පැහැදිලි කර දී ඇති බවද වාර්තාවේ.

- asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad