කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Wednesday, December 20, 2023

කෙහෙලිය රටින් යයි..? විදෙස් ගමන් වාරණයක් ඉල්ලයි!

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි.

හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව මහතා ඉල්ලා සිටියි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුර ගැනීමෙන් හැර මේ මෙම ප්‍රශ්නය නොවිසිදෙන බවත් මීට අදාළ මහ මොලකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ අතර පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා සඳහන් කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ වන විට විදේශගත වී ඇතැයි තොරතුරු ලැබී ඇති බවයි.

එනිසා හැකි ඉක්මනින් ඒ මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගත යුතු බව රහස් පොලිසියට දැනුම් දුන් බවද ඔහු පැවසීය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පවසන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මේ වන විට සූදානමක් නැති නමුත් ඉරියේදී විමර්ශන මෙහෙයවන ආකාරය අනුව අවශ්‍ය වුවහොත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම හෝ අදාළ නීති ක්‍රියාමාර්ග ගැනුණු ඇති බවත් බවය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *