සාක්‍ෂි නිශ්චිත වූ ගමන් කෙහෙලිය අත්අඩංගුවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 22, 2023

සාක්‍ෂි නිශ්චිත වූ ගමන් කෙහෙලිය අත්අඩංගුවට..

ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නේදැයි මාධ්‍යවේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ කරලා ඇමතිතුමා වැරදි කියලා එගොල්ලන්ට ඇති වෙන්න සාක්කි” තිබුණොත් එගොල්ලන් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී.

හැබැයි සාක්‍ෂි තියෙන්න ඕන. මාධ්‍යයෙන්වත්, දේශපාලන පක්‍ෂවලින්වත් කෑගැහුවට ඇමතිතුමාව ගන්න ඕන, ඇමතිතුමාව ගන්න ඕන කියලා ඒක වෙන්නෙ නෑ. දැන් ඔය ප්‍රශ්නයට යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්ස් මම දැක්කා මීඩියාවලත් හරියට යනවා ලේකම්තුමාවත් ගන්න ඕන කියලා. නමුත් ලේකම්තුමාව අත්අඩංගුවට ගත්තෙ නෑ. සී.අයි.ඩී. එක හරියටම එගොල්ලන්ට සාක්‍ෂි ලැබිලා එගොල්ලන්ට සැක කරන්න පුළුවන් හරි සාක්‍ෂි තිබුණ හින්දා තමයි ඊට පස්සෙ අත්අඩංගුවට ගත්තේ.

ඒ වගේම සාක්‍ෂි ලැාබුණොත් ඇමතිතුමාවත් අත්අඩංගුවට ගනී. ඒක වෙනසක් වෙන්නේ නෑ”

No comments:

Post a Comment

Post Bottom Ad