මහ මැතිවරණය කැදෙවුවොත් අපි දිනලා රනිල් ගෙදර යවනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 7, 2024

මහ මැතිවරණය කැදෙවුවොත් අපි දිනලා රනිල් ගෙදර යවනවා..

මීළඟට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් වුවත් මහ මැතිවරණයක් වුවත් වර්තමාන රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධුරය එතනින් අවසාන වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයක් මුලින් කැඳවුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා කොහොමත් පරාද වන බවද පැවසූ ඔහු මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ජනාධිපතිවරණය කැඳවන බව ද කියා සිටියේය.

ජාතික ජන බලවේගයට බිම් මට්ටමේ ඇති පිබිදීම දන්නා ආණ්ඩුව විසින් ඊළඟට කැඳවන්නේ කුමන මැතිවරණයක් දැයි දෙගිඩියාවකින් පසුවන බවද ඔහු පැවසීය.

ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ජාතික ජන බලවේගයට අවාසිදායක මැතිවරණය කැඳවීමට බවත් හෙතෙම සඳහන් කළේය.

ගම්පහ ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගය සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad