පකිස්ථාන තරඟාවලියටත් පරණ තේරීම් කමිටුවම සංචිතයක් නම් කරයි…. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

පකිස්ථාන තරඟාවලියටත් පරණ තේරීම් කමිටුවම සංචිතයක් නම් කරයි….

එළැඹෙන පාකිස්ථානු කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් 25 දෙනෙකුගෙන් යුත් මුලික ටෙස්ට් සංචිතයක් නම් කර තිබෙනවා.ඉන්දීය තරඟාවලියෙන් පසුව තම තනතුරු අත්හැරීමට සිටින තේරීම් කමිටුව ඉදිරි තරඟාවලිය සඳහාද සංචිතය නම් කර තිබීම විශේෂ කරුණකි.

ශ‍්‍රි ලංකා සීමිත පන්දුවා නායක උපුල් තරංග තමාව මාස හයක කාලයක් සදහා ටෙස්ට් තරග සදහා සම්බන්ධ කර නොගන්නා ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීකට් ආයතනයට දැනුම් දී අතර පාකිස්ථානු තරගාවලියටත් තරංග ක‍්‍රීඩා නොකරයි. නවක ක්‍රීඩකයන් වන චරිත අසලංක සහ සධීර සමරවික්‍රමද අද නම් කල සංචිතයට ඇතුලත් වී සිටින අතර,කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස කටයුතු කල දම්මික ප්‍රසාත් සහ ශාමින්ද එරංග ද කලකට පසුව ශ්‍රී ලංකා සංචිතයකට නම් කර තිබීම විශේෂත්වයකි.

තරගාවලිය එක්සත් ආරබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර  එහිදී ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර ඉන් එක් තරගයක් දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යොද ඇත.

නම් කල ශ‍්‍රී ලංකා සංචිතය..

1. Dimuth Karunaratne 2. Kaushal Silva 3. Kusal Mendis 4. Dinesh Chandimal – Captain 5. Angelo Mathews 6. Lahiru Thirimanne 7. Niroshan Dickwella 8. Sadeera Samarawickrama 9. Rangana Herath 10. Suranga Lakmal 11. Nuwan Pradeep 12. Lakshan Sandakan 13. Vishwa Fernando 14. Lahiru Kumara 15. Jeffrey Vandersay 16. Milinda Siriwardana 17. Dhananjaya de Silva 18. Dushmantha Chameera 19. Dilruwan Perera 20. Malinda Pushpakumara 21. Roshen Silva 22. Akila Dananjaya 23. Charith Asalanka 24. Shaminda Eranga 25. Dhammika Prasad

………………………….breakingnews.lk ඇසුරෙනි…………..

No comments:

Post a Comment

Post Bottom Ad