කණ්ඩායම පරදිද්දී උඩට ආපු අපේ අය.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

කණ්ඩායම පරදිද්දී උඩට ආපු අපේ අය..

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ශ්‍රේණීගත කිරීම් එළි දක්වා තිබෙනවා. ඒ අනුව ඉන්දියාව සමග පැවැති එක්දින  තරගාවලියේ ලකුණු 192ක් ලබාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 04කින් ඉදිරියට පැමිණ පිතිකරු ලැයිස්තුවේ 23වන ස්ථානයට සහ තුන්ඉරියව් ක‍්‍රීඩක ලැයිස්තුවේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 04වන ස්ථානයට පත්ව ඇති අතර නිරෝෂන් දික්වැල්ල(36) ස්ථාන 02කින් සහ උපුල් තරංග(63) එක් ස්ථානයකින් සහ මිලින්ද සිරිවර්ධන(89) ස්ථාන 35කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එක්දින පන්දුයැවීමේ ලැයිස්තුවේ ඇන්ජලෝ මැතිව්ස්(52) එක් ස්ථානයකින් සහ අකිල ධනංජය(80) ස්ථාන 21ක්නි ඉදිරියට පැමිණ තිබෙනවා. ශ‍්‍රී ලංකා කන්ඩායම සමග පැවැති තරගාවලියේ කඩුලු 15ක් දවා ගනිමින් දස්කම් දැක්වු ජස්ප‍්‍රීත් බුම්රා ස්ථාන 27ක් ඉදිරියට පැමිණ එක්දින පන්දුයවන්නන්ගේ ලැස්තුවේ 04වන ස්ථානයට පත්වී ඇති අතර තරග 04කදී කඩුලු 06ක් දවාගත් අක්ෂාර් පටෙල් 20වන ස්ථානයේ සිට 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. තවද හර්දීක් පාන්ඩ්‍යා(61) ස්ථාන 02කින්ද කුල්දීප් යාදව් (89) ස්ථාන 21කින්ද යුෂ්වෙන්ද‍්‍ර චහාල් (99) ස්ථාන 55කින්ද ඉදිරියට පැමිණ තිබෙනවා.

විරාත් කොලි තවමත් එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර ශ‍්‍රී ලංකාව සමග තරගාවලියේ දැක්වු සුවිශේෂී දස්කම් හේතුවෙන් දෙවැනි ස්ථානයේ සිටි ඩේවිඩ් වොනර් සමග තිිබෙන ලකුණු පරතරය 12 සිට 26දක්වා වැඩිවී තිබෙන අතර මෙතෙක් ඉන්දියානු පිතිකරුවකු ලබාගත් ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛයාව (සචින් තෙන්දුල්කාර් 1998දී) සමකරමින් ප‍්‍රසාද ලකුණු 887ක් ලබා තිබෙනවා.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්..

එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් ජයග්‍රහණය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයන් වන කේ‍්‍රග් බ්‍රැත්වේට් සහ ශායි හෝප් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. බ්‍රැත්වේට් ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ පිතිකරු දර්ශකයේ 16 වන ස්ථානයට පත්වී ඇති අතර ශායි හෝප් ස්ථාන 60 ක් ඉදිරියට පැමිණ ලැයිස්තුවේ 42 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා. ටෙස්ට් පිතිකරණ දර්ශකයේ පෙරමුණේ 1 , 2 , 3 ස්ථාන පිළිවෙලින් ස්ටීවන් ස්මිත් , ජෝ රූ සහ කේන් විලියම්සන්  හිමිකරගෙන සිටිනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයක් වාර්තා කළ බංග්ලාදේශ පිලේ තමීම් ඉක්බාල් පිතිකරු ලැයිස්තුවේ 14 වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, ශකීබ් අල් හසන්ට පන්දු යවන්නන්ගේ දර්ශකයේ 14 වන ස්ථානය හිමිවී තිබෙනවා. ටෙස්ට් එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුනේම තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර, ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ ද ශකීබ් අල් හසන්ටයි.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ මුල් තැන ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට හිමිව ඇති අතර, දෙවන තැන ජේම්ස් ඇන්ඩර්සන්ටත්, තුන්වන ස්ථානය රවිචන්ද්‍රන් අශ්වින්ටත් හිමිවී තිබෙනවා. ටෙස්ට් පන්දු යවන්නන්ගේ දර්ශකයේ 04 වන තැන හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ රංගන හේරත්ටයි.

…………………breakingnews.lk ඇසුරෙනි………….

No comments:

Post a Comment

Post Bottom Ad